Our Bequest

කොට්ටිඹුල්වල ලෙන් විහාරය


        සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ පිහිටා ඇති කොට්ටිඹුල්වල රජමහා විහායරය රජ සමය දක්වා දිගු ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ සිත් ගන්නා සුලු සිද්ධස්ථානයකි.වළගම්බා රජ සමයේදී වළගම්බා රජු විසින් සොලීන්ගෙන් රට එක්සේසත් කරන්න්ට රට පුරා ගොස් වනගත ප්‍රදේශ වල ජීවත්ව සේනා සංවිධානය කරන්නට වූ බව වංශකථා වල සඳහන් වෙයි.ඒ අනුව මෙම ප්‍රදේශයේද මෙලෙස සේනා සංවිධානය කරමින් වාසය කරන අතර කුඩා විහාරයක් ඉදිකොට ආගමික වතාවත් ඉටු කර ඇත. 

           ඉතා දිගින් යුත් ගල් ලෙනක් තුළ මෙම විහාරය ඉදිකර ඇති අතර මෙහි ඇති විශේෂත්වය නම් රංගිරි දඹුලු විහාරය හැරුනුවිට ගල් ලෙන තුළ චෛත්‍යය පිහිටා ඇති ඓතිහාසිකම සිද්ධස්ථානය මෙය වන බැවිනි.18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව විහාරයට අගනාවූ වටිනාකමක් එක් කරන අතර සැදැහැවත් බෞද්ධ ජනයාගේ බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන්නා වූ සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්වන්නා වූ දුලභ නිර්මාණයකි.එමෙන්ම ගමෙහි නම පටබැඳීමට හේතුව වී ඇත්තේද බුදුපිළිම වහන්සේය.සැතපෙන පිළිමයෙහි සිරස තබා ඇත්තේ ඉඹුල් කොටයකින් තනා ගත් කොට්ටයකි.මේනිසා කොට්ටඉඹුල  යන්න කොට්ටිඹුල්වල ලෙස පසුව ව්‍යවහාර වී ඇත.

      එමෙන්ම විහාරගෙයි ගල මත කර ඇති බිතුසිතුවම් මහනුවර යුගයේ සිතුවම් වලට නෑකම් කියයි.විශිෂ්ඨ ගණයේ බිතුසිතුවම් අතර කුසල් කිරීමෙන් යහපත සැලසෙන ආකාරයත්,අකුසල් කිරීමෙන් අපායේ දුක් විඳින ආකාරයත් මෙහි ඉතා නිර්මාණාත්මක ලෙස සිතුවම් කර ති‍බේ.

     

         කිසිදා නොසි‍ඳෙන දිය උල්පතකින් මුලු ගම්මානයම සශ්‍රීක කරමින් කෙත්වතු සාරවත් කරන්නටද සමත් වේ. ඉතා ඓතිහාසික පුරාවස්තූන්ගෙන් යුත් ලෙන් විහාරය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම කාගේත් වගකීමකි.සැතපෙන පිළිමය සහ චෛත්‍යය රාජයාණන් මංකොල්ලකරුවන්ගේ ඇසට භාජනය විය.පුරාවිද්‍යා බලධාරීන්ගේ ඇස තව දුරටත් මෙම ලෙන් විහාරය වෙත යොමු විය යුතුය යන්න අපගේ අදහසයි. මෙම ඓතිහාසික සිද්ධස්ථානය ආරක්ෂා කර ගැනීම අනාගත පරපුර වෙනුවෙන් අපගේ වගකීමකි.



Kottimbulwala Rajamaha Viharaya

































No comments:

Post a Comment